33 C
Colombo
Friday, March 29, 2024

ලොරියකින් වැටී පාසල් දරුවන් 13 කට තුවාල (ඡායාරූප)

- Advertisement -

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ති‌බෙනවා.

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටී ඊයේ (30) උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු මෙලෙස තුවාල ලැබුවා.

ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූ සිසුන්ව ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව සිසුන් තිදෙනෙකුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිදුකළ විමසීමකදී ගලෙන්බිදුණුවැව රෝහලේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ එක් සිසුවෙකුගේ පාදයට අනතුරින් දැඩිව හානි සිදුව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...