මාලදිවයින් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු ශ්‍රී ලාංකික ධීවරයන් රැගත් ධීවර බෝට්ටු 02ක් එරට වෙරළාරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම එක් යාත්‍රාවක සිටි ධීවරයන් හත් දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ සිටි ධීවරයන් හය දෙනෙකු වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉකුත් 25 වැනිදා මෙම ධීවර බෝට්ටු දෙක අත්අඩංගුවට ගෙන තිබුණා.
විදෙස් මාධ්‍යය වාර්තා කළේ, මෙම යාත්‍රා දෙක දැනට ‘Haa Alif Filladhoo’ වරායේ නැංගුරම් ලා ඇති වෙරළාරක්ෂක බළකායට අයත් Nooraddeen නැව භාරයේ තබා ඇති බවයි.