25 C
Colombo
Friday, January 17, 2025

කොවිඩ් මරණ 13,183ක් ආදාහනය කරලා

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 13,183ක් ආදාහනය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (17) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවුෆ් හකීම් විසින්යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

කෙසේ නමුත් ආදහනය කරනු ලැබූ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බව‍ සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සහ වෛද්‍ය ආචාර්ය ධර්මවලට අනුව අදාල තොරතුරු ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

එහි දී මිය ගිය එක් එක් පුද්ගලයාගේ මරණ සහතිකයේ අංකය, මරණය ලියාපදිංචි කරන ලද දිනය හා දිස්ත්‍රික්කය වෙන් වශයෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර , එය තම විෂය පථයට අදාළ නොවන බවත්, අදාළ තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බවටත් ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES