24 C
Colombo
Sunday, February 16, 2025

විදෙස් රැකියා ජාවාරමේ නිරත 132ක් අත්අඩංගුවට

- Advertisement -

විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවයි.

2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3675ක් ලැබී ඇති අතර, එය 2024 වසරේ දී පැමිණිලි 4658ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, අදාළ වංචා සම්බන්ධයෙන් පුද්ගලයින් 132 දෙනෙකු 2024 වසරේදී අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පැවසුවා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ගාමිණී සෙනරත් යාපා මහතා,

“2024 වර්ෂයේ වැටලීම් 15ක් සිදුකරලා පුද්ගලන් 132ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන් අත්අඩංගුවට ගත්තා.

ඒ වෙනුවෙන් අදාළ උසාවිවල 2024 වසරේදී නඩු කටයුතු 900ක් ගොනුකර තිබෙනවා. 2023 වසරේ 182ක් පමණයි කරගැනීම හැකිවූයේ”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES