31 C
Colombo
Wednesday, February 12, 2025

කල්ඉකුත් වූ ආහාර කිලෝ ලක්ෂ 15ක් වේයන්ගොඩින්

- Advertisement -

මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

2023 වසරේ මෙම ආහාර තොගය ආධාර ලෙස ලැබී තිබුණේ ලෝක ආහාර වැඩසටහන යටතේදීයි.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000කින් සමන්විත ගබඩා 16ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනෙනවා.

පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝග්‍රෑම් 15කට අධික තොගයක් එහි ගබඩා 3ක ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහායි. 

කසක්ස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

POPULAR ARTICLES