29 C
Colombo
Sunday, June 4, 2023

මංගල උත්සව සඳහා 150 යි. ආගමික ස්ථාන විවෘතයි. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

- Advertisement -

දැනට පවත්නා සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිවනවා.

එමෙන්ම උපරිමය පුද්ගලයින් 150 කට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමටද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවසර ලබාදී තිබෙනවා.

එළිමහන් වෙළදාම හා සතිපොල සඳහාද අවසර ලබාදී ඇති අතර වැඩමුළු, සම්මන්ත්‍රණ යනාදියද පුද්ගලයින් 50 කගේ සහභාගීත්වයෙන් පැවැත්විය හැකියි.

සියලුම විභාග පැවැත්වීමට අවසර හිමිව ඇති අතර ආර්ථික මධ්‍යස්ථානද විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

සාප්පු සංකීර්ණද විවෘත කිරීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවසර ලබාදී ඇති අතර බාබර් සාප්පු ඇතුළු රූපලාවාන්‍යගාරද විවෘතව තැබෙනු ඇති.

නිමි ඇඳුම් වෙළෙඳසැල් යළිත් වරක් විවෘත කිරීමට අවසර ලබාදී ඇතත් ඒවා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්කර තිබෙනවා.

තවදුරටත් බන්ධනාගාර සඳහා අමුත්තන් පැමිණීම තහනම් කර ඇති අතර වැඩිහිටි හා ළමා නිවාසවලටද අමුත්තන් පැමිණීම තහනම් කර තිබෙනවා.

සිනමා ශාලාද ආසන ධාරිතාවයෙන් 50% ක සීමාවකට යටත්ව විවෘත කිරීමට අවසර ලබාදී ඇති අතර ස්පා, හෝටල් හා විවේකාගාරද විවෘත කිරීමට අවසර ලැබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා හා ඔට්ටු මධ්‍යස්ථාන වසා තැබෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...