28 C
Colombo
Thursday, January 16, 2025

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් මිලියන 150ක්

- Advertisement -

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) අත්සන් කළා.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාගැනීමේ මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබුවා.

ඒ අනුව අදාළ ණය මුදලට ඉකුත් නොවැම්බර් මාසයේදී අනුමැතිය හිමි වුණා.

මෙම ණය මුදල භාවිතා කර මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

තවද ඉදිරියේදී රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක්ද ඉදිකිරීමට බලාපොරොත්තු වනවා.

ඒ අනුව මෙම ණය මුදල හරහා නව ග්‍රිඩ් උපපොළවල් 6ක් ඉදිකිරීම, කි.මී. 87ක් දිග ද.වො. 132ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කි.මී. 45ක් දිග ද.වො. 220ක් සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම හා දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම යනාදිය සිදුකිරීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම මිලියන 7.5ක් වූ පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරිනු ලබනවා.

බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කි.මී. 3,400ක් වූ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90කින් සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...