24 C
Colombo
Tuesday, March 21, 2023

ඉන්දීය යූරියා කිලෝ මිලියන 15ක් තේ වගාවට

- Advertisement -

ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර  වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ   බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ  සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහින්ද අමරවීර නව රජයේ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

 ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණ යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලැබීමට නියමිත අතර මෙි වන විට  පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම යූරියා තොගයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇති  බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරු අමාත්‍යවරයාට දැනුම් දී සිටියා. 

එළවළු වගාව සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර විශේෂයෙක් ඉතා කඩිනමින් නිෂ්පාදනය කරන ලෙසත් ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට සැපයීම සඳහා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.

 මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ කෘෂිකර්ම  අමාත්‍යවරයා කීවෙි නව ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා සාධාරණ කාලයක්  ලබා දිය යුතුය යන ස්ථාවරයේ තමන් ද සිටින බවයි. 

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.