ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්.
රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර වනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි.
මේ අතර, ජනාධිපතිවරණය ආශ්‍රිතව එක් පැමිණිල්ලක් පමණක් මේ වනවිට ලැබී ඇති බව පොලිසිය පවසා තිබෙනවා.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 40 ක් මේ වනවිට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.