බියගම ජල පවිත්රාගාරයෙන් ජලය සැපයෙන ප්රදේශ කිහිපයකටම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
මේ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා ඇළ නගර සභා බලප්රදේශවලටත් කටුනායක, සීදූව නගර සභා බලප්රදේශයටත් කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ ප්රාදේශිය සභා බලප්රදේශවලටත් ගම්පහ ප්රාදේශීය සභා බලප්රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මීට අමතරව හෙට (20) පෙරවරු 08 සිට රාත්රී 12 දක්වා පැය 16ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.