29 C
Colombo
Sunday, December 5, 2021

සාමාන්‍ය පෙළ සිසුන් 16 ක් ශාලාධිපතිට එරෙහිවෙයි

- Advertisement -

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර විෂය පැවති දින විභාග ශාලාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පහසුකම් සැපයූවේ නැතැයි කියමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානයක සිසුන් 16 දෙනෙක් විභාග කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙලෙස පැමිණිල්ල කර ඇත්තේ හම්බන්තොට සුචී ජාතික පාසලේ පැවති විභාග මධස්ථානයේ දී ඉකුත් 9 වැන දින චිත්‍ර විෂය සදහා පෙනීසිටි සිසුන් පිරිසක්.

චිත්‍ර විෂයට අදාලව ද්‍රව්‍ය බලා ඇදීමේ කොටසේදී ශාලාධිපතිවරයා අදාල සිසුන් පිරිස ස්ථාන කිහිපයක වාඩි කර වු බවත්, එහිදී බලා ඇදිමට සකස් කර තිබු උපකරණ කිසිවක් නිසි පරිදි නොපෙණුනු බවත් විභාග කොමසාරිස්වරයාට දැනුම්දී තිබෙනවා.

මේ පිළිබදව විභාග ශාලාධිපතිවරයාටත්, විභාග පරීක්ෂකවරියටත් දැනුම් දුන් නමුත් ඔවුන් ඒ පිළිබදව කිසිදු සැළකිල්ලක් නොදැක්වූ බවත්, විභාග පරීක්ෂකවරියට අදාල ද්‍රව්‍ය සම්පිණ්ඩනය නිසි පරිදි ස්ථානගතකර සකස් කිරීමට නොහැකි වු නිසා ඇය විසින් ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ දළ සැළැස්මක් කොළයක ඇද පෙන්වා විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ මේ ආකාරයේ රූප සටහනක් බැවින් ඒ ආකාරයට අදින ලෙස දැනුම් දුන් බවත් ඔවුන් සිය ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

එසේම චිත්‍ර ඇදිම සදහාද ලබා දෙන කෙන්ට් පේපර් නොලැබුණු නිසා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කළද විභාග දෙපාර්තමේන්තුවෙන් කෙන්ට් පේපර් ලබා දී නොමැති බවත් ඇත්තේ ඒ 4 කොළ පමණක් බවත් දැනුම්දුන් බවත්, ඒ 4 කොළයෙහි නිසි නිමාවකින් යුතුව ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඇදීමටද නොහැකි වූ බවටත් සිසුන් මැසිවිලි නගනවා.

පසුගිය කාලයේ වකවානුවේ රටේ පැවති තත්ත්වය නිසා නිසි පරිදි පාඩම් ආවරණය කර ගැනීමටද නොහැකි වූ තමන්ට චිත්‍ර විෂයට අදාලව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැක්කේ අඳින චිත්‍රවලින් බවත්, ශාලාධිපතිවරයා හා විභාග පරික්ෂකවරිය විසින් එම අවස්ථාව හිතාමතාම අහිමි කිරිම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බවත් ඔවුන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට සිට නැවතත් ඔබේ නිවසට ගෑස්

හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්‍රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන්...

තෙල් පිරිපහදුව යළි විවෘත වන දිනය ගම්මන්පිළ ප්‍රකාශ කරයි

0
සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාසනවා. එලෙස...

වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි

0
2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරඟයෙන් පත් කිරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය විසින් අතුරු...

RECENT ARTICLES - ENGLISH

Torturing Sri Lankan to death: At least 800 booked under ATA

0
Pakistani police have booked at least 800 people under the Anti-Terrorism Act in connection with the torture and killing of Sri Lankan...

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...