සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු අද (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 ක්.
ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වනවා.
රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව සඳහන් කළා.
පසුගිය දෙසැම්බර් 04 වනදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 16,000ක් මෙලෙස රැගෙනවිත් තිබෙන බවයි පැවසෙන්නේ.