28.9 C
Colombo
Thursday, March 27, 2025

ජවිපෙන් අකුරැස්සට කෝටි 17ක රෝහලක්

- Advertisement -

2005 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් බලය හිමි සීමාසහිත අකුරැස්ස විවිධ සේවා අකුරැස්ස සමුපකාර සමිතිය විසින් රුපියල් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරම්භ කර තිබෙනවා.

අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වැනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තැබුවා.

නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින් ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බව ඔහු එහිදී පවසා තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය පිළිබඳව ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටිනවා. මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකියි.
2005 වසරේ දී ‘සම්මුතියේ ආදර්ශය හෙට දවසේ රටට’ යන තේමාවේ බලාපොරොත්තුව ඇතිව සමුපකාරය සුරැකීමේ සංවිධානය පැමිණි ගමන ඉතාම ප්‍රශංසනීය යි. එය රටට ආදර්ශයක්. සමුපකාරය ලැබූ ලාභයෙන් කෝටි 17ක් වැය කොට මහල් පහකින් යුතු නවීන සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ඉදිකරීම මේ රටේ පාලකයන්ට සපයන්නේ මවිත කරවන සුලූ ආදර්ශයක්. ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අපි හැම කෙනෙක්ම අවංකවම සතුටු වෙනවා.

වසර 20ක් පමණ කාලයක් අඛණ්ඩව අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීම් හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ අංක එකේ සමුපකාරයක් බවට අකුරැස්ස සමුපකාරය පත්ව තිබෙනවා. සමුපකාරය විසින් උපයන ලද රුපියල් මිලියන 2000කට අධික වත්කම්වලින් ලද ලාභයෙන් මෙසේ නවීන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම ආරම්භ කිරීමට අකුරැස්ස සමුකාරයට හැකිව තිබෙනවා”

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES