27.8 C
Colombo
Monday, June 23, 2025

අනවසරෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

- Advertisement -

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරනවා.

එහිදී අදාළ ඉන්දියානු යාත්‍රා දෙක සමඟ ඉන්දියානුවන් 17 දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉකුත් 29දා නාවික හමුදාව මෙම වැටලීම සිදු කොට තිබුණා.

උතුරු නාවික විධානය මගින් මන්නාරමට උතුරු මුහුදු සිමාවේ මෙරට මුහුදු සීමාව තුල මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දියානු යාත්‍රා රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒවා පලවා හරිම සදහා මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගන්න ලද යාත්‍රා 02ක හා ඉන්දියානුවන් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...