ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ 17 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
ඒ රැකියා ගිවිසුම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන්.
ඊශ්‍රායලයේ ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවලට ගොස් එම රැකියා වෙනුවට බේකරිවල රැකියාවේ යෙදීම නිසා මෙලෙස පිටුවහල් කළ බවයි.
ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ පරීක්ෂාවකදී ඔවුන් හඳුනාගෙන රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.
ඊශ්‍රායලයේ රැකියාවල යෙදෙන විදේශිකයන් සිය වීසා කොන්දේසි කඩ කරමින් වෙනත් රැකියාවල දැඩිව සීමා කර ඇති බවයි නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.
රටට ඇතුළුවීමෙන් පසු වීසා කොන්දේසි වෙනස් කරගැනීමට අසීරු බවද ඔහු කියා සිටියා.
ඊශ්‍රායලය, සිය රටට පැමිණෙන විදේශකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන රටක්.
මේ අතර සේවා කොන්දේසි කඩ කළ තවත් ලාංකික සාත්තු සේවිකාවක් හා පුද්ගලයෙකු පසුගිය දා යළි මෙරටට එවා තිබුණා.
ඒ, අසාදු ලේඛනගත කරමින්.
ඒ අනුව ඊශ්‍රායලයේ රැකියාවලට යන පුද්ගලයන්‍ට කොන්ත්‍රාත්වලට අනුගතව කටයුතු කරන ලෙසත් දෙරට අතර සුහදත්වය පළුදුවෙන ආකාරයට කටයුතු නොකරන ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉල්ලා සිටිනවා.