30 C
Colombo
Thursday, June 8, 2023

Breaking : Express Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියෙන් කැස්බෑවන් 176 ක් මියගිහින් – නීතිපති

- Advertisement -

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනක්, තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

MV Express Pearlනෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට එම දැනුම්දීම සිදුකළා.

එම සත්ත්වයින්ගේ මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළා.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

ඊට අමතරව එම සත්ත්වයින්ගේ මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...