24 C
Colombo
Sunday, January 19, 2025

දකුණු කොරියා ගුවන් අනතුරින් 177 මරුට

- Advertisement -

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාන කර තිබෙනවා.

එමෙන්ම මේ වනවිට මියගිය පුද්ගලයින් 177 දෙනෙකු අනතුරින් මියගොස් ඇති බව තහවුරු කර තිබෙන බවයි පැවසෙන්නේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණා.

මියගිය පිරිස අතරින් මේ වන විට කාන්තා සිරුරු 84 ක්, පිරිමි සිරුරු 82 ක් සහ ක්ෂණිකව හඳුනාගත නොහැකි තවත් 11 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙන බවට වාර්තා වනවා.

අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන්.

බලධාරීන් පවසන පරිදි, ලාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි බව සඳහන් වනවා.

යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන අතර එම කටයුතු සඳහා 1,500කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ජේජු ගුවන්සේවයට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව තිබුණා.

අයහපත් කාලගුණ තත්ත්වය  හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනිගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වුණා.

යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES