26.4 C
Colombo
Thursday, March 28, 2024

මාස තුනෙන් ලක්ෂ 18,000ක් හොරා කෑවා..!

- Advertisement -

චෝදනා එල්ලවන්නේ තවමත් විවෘත නොකළ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, අද (23) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“එතුමා ඇහුවා මේ අධිවේගී මාර්ග කන්නද කියලා. ජනතාව අහන දේ තමයි එතුමා ඇවිල්ලා ඇහුවේ. අපි දැක්කා ඉතිහාසයේ කියනවා කිරි ගේන්නයි, පැණි ගේන්නයි, ඩෙවල් දාන්න සත්තුයි ඒවටයි අධිවේගී මාර්ග හැදුවේ කියලා. දැන් ඔබතුමාට කියන්න ඔබතුමා දවසක් ඉල්ලනවා නේ. ඊයේ ජාතික පුවත්පත්වල තිබුණු ඒවාට ඊයේ හවස මම උත්තර දුන්නා. කෝටි එක්දාස් හයසීය ගාණක් හොරකම් කරලලු. රත්තරන්වලින් පාරවල් හදන්න හදපු ඇස්තමේන්තුද කියල අහනවා. හැබැයි ඔබතුමාගේ දිස්ත්‍රික්කේ නායකයා අර පැරදිලා ගෙදර ඉන්නේ. එතුමන්ලා කරපු හැටි මතකයිනේ කඩවත ඉඳල මීරිගමට. ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා බිලියන 66යේ මංතීරු හය මංතීරු දෙකක් අඩුකරලා බිලියන 66කට දුන්නා. මෙතන හිටියානම් ඔබතුමාගෙන් නෙවෙයි ඒක අහන්නේ මේක අහන්නේ වජිර අබේවර්ධන. කොහොමද දුන්නේ. ලක්ෂ 25,000ටෙන්ඩර් එක ලක්ෂ 43,000ට දුන්නේ. කඩවත ඉඳලා මීරිගමට. ලක්ෂ 18,000 හොරා කෑවා මස තුනක් යන්න ඉස්සෙල්ලා. මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා ගරු කතානායකතුමනි.”

“ඒකෙත් කිරිඇල්ල හිටපු ඇමතිතුමා කියනවා දයා ගමගේ හරියට කළානම් කුරුණෑගල අධිවේගේ ඉවර කරන්නේ අපි. දයා ගමගේ කවුද .? දයා ගමගේ තමුන්නාන්සේලාගේ කැබිනට් එකේ හිටපු ඇමති. කැබිනට් එකේ හිටපු ඇමති කෙනෙක් ට ටෙන්ඩර් දුන්නා කියලා කැබිනට් එකේ තව ඇමති කෙනෙක් පත්තරේට කියල තියෙනවා. එහෙම තමයි ඒ කාලේ හොරකම වුණේ. මේ ඇරපු නැති ටෙන්ඩරයක ගණන් හිලව් තමයි කියන්නේ දේශපාලනඥයෝ ඇවිල්ලා. පැහැදිළිව දූෂණයෙන් තොරව අපි හැමදෙයක්ම කරන්නේ. තමුන්නාන්සේලා නියෝජනය කරන්නේ එදා මීරිගම ඉඳලා කඩවතට ලක්ෂ 18,000ක් වැඩියෙන් දුන්න සමාගමක් තමයි තමුන්නාන්සේලා නියෝජනය කරන්නේ කියන එක මම කණගාටුවෙන් වුනත් කියන්න කැමතියි. ඒ නිසා තමුන්නාන්සේලා කරපු හොරකම් කතාකරන්න ඕනනම් දවසක් නෙවෙයි මාසයක් හරි දාමු.”

“කිරිඇල්ල ඇමතිතුමා හරියට නිකන් අර බබා උකුන් පාට් වගේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කොළයක් ගෙනල්ලා දුන්නලු ඒ කාලේ දුන්න එකක්. කොළේ බලලා දුන්නලු ටෙන්ඩරය. අනේ මේ ගොන් කතා කියන්න එපා. ඔබතුමා කිව්වේ ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියලා. ගොන් කතා කියන්න එපා. අපි දැක්කා අපෙන් පළිගත්ත හැටි. අපි එක ෆයිල් එකක් හොයලා නෑ. ඔබතුමා ඔය බොරු කතන්දර කියන්න එපා. ඔයගොල්ලෝ ඉල්ලනවා නම් අපි හොයනවා. දැන් අර බිලියන 66ට දුන්න එක මංතීරු 2ක් අඩුකරලත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන හින්දද බිලියන 66ට දුන්නේ. මතකයි නේ තමුන්නාන්සේලා කිව්වා. රත්තරං අශ්වයෝ, හෙළිකොප්ටර්, ලැම්බෝගිනි ඒවා ගැනනේ කිව්වේ. දැන් කියනවා චීන්නු, චීන්නු, චීන්නු කියලා. අපි ලෑස්තියි ඕන විවාදයකට. අපි කියන්නම් ගත්ත තැන්, හොරකම් කරපු විදිය. ඔබතුමා අභියෝග කරනවා නම් අපි හොයන්නත් ලෑස්තියි කියලා මම මේ වෙලාවේදී ගරු කතානායකතුමනි කියන්න කැමතියි.”

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...