29 C
Colombo
Friday, June 2, 2023

චීන ⁣ඉලෙක්‍ට්‍රොනික සන්නාම 19 කට ඇමසන් වෙබ් අඩවියෙන් තහනමක්

- Advertisement -

චීනයේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාම 19ක් සිය ජාලය හරහා අලෙවි කිරීම තහනම් කිරීමට සුප්‍රසිද්ධ ඇමසන් වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.

ඇමසන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ර ඇත්තේ කැමරා, ඉයර්ෆෝන්, පවර් බෑන්ක් ආදි නිෂ්පාදන සමූහයක් එම වෙබ් අඩවිය හරහා අලෙවි කිරීම මෙ⁣ලෙස තහනම් කර ඇති බවයි.

මෙම තහනමට හේතුව අදාළ භාණ්ඩ අලෙවිකරුවන්, එම භාණ්ඩ සම්බන්ධයෙන් කෘතිමව ව්‍යාජ පාරිභෝගික ප්‍රතිචාර ඇතුළත් කරවීමයි.

මෙහිදී අදාළ භාණ්ඩ අලෙවිකරුවන් ලෝ පුරා විවිධ පුද්ගලයන්ට ත්‍යාග ඇතුලු විවිධ වරප්‍රසාද ලබාදී තම භාණ්ඩ සම්බන්ධයෙන් වන ව්‍යාජ ධනාත්මක ප්‍රතිචාර සටහන් කරවීමට කටයුතු කර ඇති බව ඇමසන් සමාගම සදහන් කර තිබේ.

තම පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති සහ රෙගුලාසි යටතේ එම භාණ්ඩ ඉවත් කිරීමට කටයුතු කළ බව ඇමසන් සමාගම සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...