27.2 C
Colombo
Saturday, June 21, 2025

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

- Advertisement -

මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා පවසනවා.

නන්දන ගුණතිලක මහතා කලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභල සාමාජිකයෙකු වූ අතර 1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙසටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා.

එවකට තමන් ඇතුළු පිරිසට දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් නොතිබූ බවත් තම සංවිධානයේ නායකයන් කී නිසා ඇතැම් කරුණු පිළිගත් බවත් ඒ හේතුවෙන් විශාල වරදක් තමන් අතින් සිදුවූ බවත් අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන්දීය හමුදාවට එරෙහිව දියත් කළ කැරැල්ල පිළිබඳ තමන් කණගාටුවන බවත් එදා ඇති වූ කැරැල්ල මර්ධනය සඳහා එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය ගෙන ගිය මර්ධනකාරී වැඩපිළිවෙළ තමන් අනුමත කරන බවද මෙහිදී පවසා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කෙදිනක හෝ රාජ්‍ය බලය අත්පත් කරගත හොත් තම ජීවිතය අනතුරට පත්වනු ඇති බවට දැඩි සැකයක් තමන් තුළ ඇති බවද ඔහු මෙහිදී සදනහන් කර තිබෙනවා.

නන්දන ගුණතිලක මහතා 2005 වසරේ සිට මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කර ඇති අතර 2014 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති අතර මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ පානදුර ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

අදාළ සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES