27 C
Colombo
Thursday, April 24, 2025

‘Fitness First LK බලගන්වන Fight Night V’ මෙවරත් 

- Advertisement -

ශ්‍රී ලාංකික ක්‍රිඩාලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින උද්වේගකර රාත්‍රියකදී, බොක්සිං, MMA හා කික්-බොක්සිං ක්‍රීඩාවේ සටන්කාමිත්වය විදහා දක්වමින් ‘Fitness First LK බලගන්වන Fight Night V’ පැවැත්විමට නියමිතයි.

ඒ ජූලි 27 වැනිදා ප.ව. 1.00 සිට කොළඹ 07, Royal MAS Arena හිදී යි.

කෝච් ජෙෂ්ගේ විශේෂඥ මග පෙන්වීම යටතේ බොක්සිං ක්‍රිඩකයින්ගේ දක්ෂතා විදහා දැක්වීමට Combat by Jesh විසින් මෙම බොක්සිං රාත්‍රිය සංවිධානය කරනු ලබනවා.

ඉතා කුඩා ආරම්භයක් සහිතව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Fight Night V සටන් රාත්‍රිය පසුව බොක්සිං ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව කෙටි කලකින්ම සුවිශේෂී රසික පදනමක් කරා ව්‍යාප්ත වූව​ක්.

අනතුරුව එය වසර 4 කට පෙර  Royal MAS Arena හිදී දිග හැරුණු මහා සටන් රාත්‍රියක් දක්වා වර්ධනය වුණා.

කෝච් ජෙෂ්ගේ දැක්මට අනුව සෑම පසුබිමකම බොක්සිං ක්‍රීඩකයින්ට දක්ෂතා මට්ටම අතින් සමාන ක්‍රීඩකයින් හා කරට කර සටනක් දීම සඳහා මෙවර Fight Night V කදිම තෝතැන්නක් බවට පත් වනු ඇති.

බොක්සිං ක්‍රීඩාව සම්බන්ධ වසර 25 ක වෘත්තීය දිවියක් සනිටුහන් කරගනිමි​න්, ජාත්‍යන්තර තර​ඟ 52 කින් ජයග්‍රහණ අත්කර දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් කෝච් ජෙෂ් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයම ජයග්‍රහණය කර ඇති පළමු හා එකම ශ්‍රී ලාංකිකයාද වනවා.

“බොක්සිං ක්‍රීඩකයින් බර පමණක් නොව අත්දැකීම්ද සලකා යුගළ කරන Fight Night V බොක්සිං ක්‍රීඩාවේ විප්ලවීය වෙනසකටත් මග පාදනවා.

මෙහිදී සෑම ක්‍රීඩකයකුටම කරටකර සටනක් දිය හැකි ප්‍රතිවාදියකු හා සටන් කිරීමිට හැකි බව​ට සහතික බව ඔහු අවධාරණය කරනවා.

මෙවර වැඩසටහනේ සුවිශේෂී අංගයක් ලෙසින් ‘Touch Boxing’ අංගය ඇතුළත් කර තිබෙන අතර එය ආරක්ෂිත පරිසරයක් තුළ අවුරුදු 4-8 අතර බොක්සිං ක්‍රීඩාවෙහි නිරත වීම සඳහා කුඩා ක්‍රීඩකයින් පොළඹවනු ලබනවා.

එමෙන්ම මෙවර ප්‍රදර්ශන තරඟය​ක් ලෙසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ දක්ෂතා පිළිබිඹු කරන අංගයක්ද පැවැත්වෙනවා.

මෙරට බොක්සිං ක්‍රීඩාව සියලු දෙනාට විවෘත කිරීමත්, ප්‍රජාවේ එකමුතුව සඳහා වන කැපවිමත් එමගින් පිළිබිඹු කෙරෙනු ඇති.

එමපණක් නොව, බොක්සිං ක්‍රීඩාවේ විවිධත්වය විදහා දක්වමින් ක්‍රිඩිකාවන් සවිබල ගැන්වීම අරමුණු කරමින් එහි කාන්තා ශූරතාවලිය වන, Pink Belt පැවැත්වෙන අතර, ඒ සඳහා කාන්තා ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමේ කාර්යයෙහිලා සහය සලසන, BeWAXed සහ ස්වස්ථා සන්නාම සම-අනුග්‍රහය පිරිනමනු ලබනවා.

​ඒ අනුව බහුල වශයෙන් පිරිමි ක්‍රීඩකයින්ගේ අණසකට නතුවන ක්‍රීඩාංගනයක සිය සටන් කෞෂල්‍යය විදහා දැක්වීමට බොක්සිං ක්‍රීඩාකාවන්ට අවකාශ සැලසෙනවා.

ජාත්‍යන්තර ආකර්ෂණයද දිනා‌ගනිමින් පැවැත්වෙන, Fight Night V සටන් රාත්‍රිය ගෝලීය දක්ෂතාවන්ගෙන් වර්ණවත් කිරිමට ප්‍රවීණ රුසියානු බොක්සිං ක්‍රීඩකයෙක් හා ඇමරිකා එක්සත්  ජනපදයේ වයස අවුරුදු 13 න් පහළ ශූරයෙක්ද එක්වෙන​වා.

ඒ හැරුණු විට, එක්සත් ජනපදයේ ශූර MMA ප්‍රහාරකයකුගේ දස්කම්ද මෙහිදී දැකගත හැකි වනු ඇති.

මේ සඳහා බොක්සිං ක්‍රීඩා සමාජ 16 ක් යටතේ ක්‍රීඩකයින් සහභාගි වන අතර, ස්වාධීන ක්‍රීඩකයින් තිදෙනකුගේ සහභාගිත්වයද හිමි වනවා.

ඒ අනුව, Fitness First LK විසින් සවිබල ගන්වන Fight Night V බර පන්ති ගණනාවක් යටතේ ක්‍රීඩකයින්ගේ උණුසුම් බොක්සිං සටන් දැකගත හැකි අපූරු රාත්‍රියක් බවට පත්වනු ඇති.

එලෙස පැවැත්වෙන Fight Night හි පරමාර්ථය වන්නේ, බොක්සිං ක්‍රීඩාවේ නවකයින්ට හෝ ප්‍රවීණයන්ට ​ඒ තුළින් සිය වෘත්තිය සකස් කර ගැනීමට අවැසි විශ්වාසය ඇති කරමින්, සියලුම වයස් කාණ්ඩවල බොක්සිං හා MMA ක්‍රීඩකයින් ඒ සඳහා ඇතුළත් කර ගනිමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම වන අත​ර ඒ අනුව, ක්‍රිඩාලෝලීන් වැඩි පිරිසක් කරා එය රැගෙන යනු ලබනවා.

මෙම පරමාර්ථයෙන් මේ වසරේ පාසල් විශ්ව විද්‍යාල හා ආයතන මට්ටමින් බොක්සිං වළල්ලට එක්වන බොක්සිං ක්‍රීඩකයින් IBA නීතිරීතින්ට දැඩිව අනුකූල වෙමින්, තියුණු තරගයකට අවතීර්ණ වනු ඇති.

‘Fitness First LK බලගන්වන Fight Night V’ සටන් රාත්‍රිය සඳහා Cafe Kinross, Nawaloka Wellness Centre, FOA, Yetti, Merc Stop, Hydra, Bewaxed, Pure Hydra සහ Alcom  අනුග්‍රහය දක්වන අතර මෙම සටන් රාත්‍රිය සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමට ඔවු​න් ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කරනු ලබනවා.

‘Fitness First LK බලගන්වන Fight Night V’ සටන් රාත්‍රිය සඳහා ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා,  First LK වෙබ් අඩවිය වෙත පිවිසෙන්න, නැතිනම්, 0703276950,  0773104181 යන දුරකතන අංක ඔස්සේ Fitness First LK හා සම්බන්ධ වන්න.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...