ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා අමතර ඩොලර් මිලියන 2.5ක් හදිසි කෝවිඩ් – 19 ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.
කෝවිඩ් – 19ට එරෙහි එන්නත් ලබාගැනීම සඳහා මූලිකව මෙම ආධාර යොදාගනු ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, ඇමරිකානු මුදවාගැනීමේ සැලසුම (American Rescue Plan) හරහා ලැබෙන මෙම ඩොලර් මිලියන 2.5 ශ්‍රී ලංකාවේ ඔක්සිජන් සංචිතය ශක්තිමත් කිරීමටත් සෞඛ්‍ය සේවා ආයතන තුළදී ආසාදනය පාලනය සඳහා අවශ්‍යවන සෞඛ්යාරක්ෂිත උපකරණ කට්ටල ලබා ගැනීමටත් යොදාගනු ඇත.
තවද, එන්නත් බෙදාහැරීම සම්බන්ධීකරණය, ෆයිසර් එන්නත ගබඩාකරණය සඳහා අවශ්‍ය ශීතකරන පහසුකම් ලබාදීම, සහ එන්නත්කරණය සිදුකිරීමට කාර්යමණ්ඩලයට ඇති හැකියාව ශක්තිමත් කිරීම යන කටයුතු සඳහාද සෞඛ්‍ය අමාත්‍යංශය යොදාගනු ඇති බව පැවසේ.
2020 මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය මෙරට මුලින්ම පැතිර යන්නට පටන්ගත් කාලයේ පටන් මේ දක්වා USAID විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17.9ක් ලබාදී තිබේ.