28.2 C
Colombo
Wednesday, April 24, 2024

Decathlon ශ්‍රී ලංකාවට සමුදෙයි

- Advertisement -

ක්‍රීඩා භාණ්ඩ සිල්ලර අලෙවියෙහි නිරත ලොව විශාලතම අලෙවිකරුවා ලෙසින් සැලකෙන Decathlon, ශ්‍රී ලංකාවේ සිය  සිල්ලර මෙහෙයුම් කටයුතු 2022 ඔක්තෝබර් 30 දින සිට නවතා දමනු ලබන බව දැනුම් දී සිටී.

බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයේ සහ අන්තර්ජාලය හරහා සිදුකරන අලෙවි කටයුතු මේ අනුව අත්හිටුවනු ලබන බව එම සමාගම සඳහන් කරයි. මීට පෙර පසුගිය ජූලි 31 දින සිට යූනියන් පෙදෙසේ පිහිටි ප්‍රදර්ශනාගාරය වසා දැමීමට ද ඔවුන් පියවර ගෙන තිබුණි.

ඔවුන් පවසන්නේ වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හමුවේ සිය නිෂ්පාදන සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.  පවතින ඩොලර් අර්බුදය හමුවේ පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් මෙරට තුළ සිය නිෂ්පාදන ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරනු ලබන බව Decathlon වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රංශය පදනම් කරගත් Decathlon දැනට රටවල් 60 ක ප්‍රදර්ශනාගාර 1,747 ක් ක්‍රියාත්මක කරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...