32 C
Colombo
Friday, March 29, 2024

දරුවන්ට වීඩියෝ ක්‍රීඩා සතියට පැය 2යි..! – චීන රජයෙන් දැඩි නීති

- Advertisement -

බාලවයස්කරුවන් විසින් ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කරන කාලය පිළිබඳව පිළිබඳ සීමා දැඩි කිරීමට චීනය කටයුතු කර තිබෙනවා.

සඳුදා නිකුත් කරන ලද චීන රජයේ නව නීතිරීති වලට අනුව චීන දරුවන්ට පාසල් දිනවල මාර්‍ගගත (online) ක්‍රීඩා කිරීම තහනම් කර ඇති අතර සති අන්තයේ සහ නිවාඩු දිනවලදී ඒ සදහා දිනකට පැයක් පමණක් ලබා දේ.

මෙම ක්‍රීඩා සිය සංස්කෘතිය කෙරෙහි සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයට බලපාන හෙයින් මෙම තීරණය ගත් බව චීනය පවසන බවයි The New York Times වාර්තා කරන්නේ.

චීනය මෙවැනි නීතිරීති පැනවීම අරඹන ලද්දේ 2019 වසරේ වන අතර එම නීති හරහා සතියේ දින වලදී මිනිත්තු 90ක් ද සති අන්තයේදී පැය 3ක්ද බැගින්ද ලබා දෙන පරිදි සීමා පණවා තිබුණා. දරුවන් සඳහා පැණවූ ඒ නීති මේ වන විට තවත් දැඩිව තිබෙනවා.

නව යෞවනයන් හා ළමුන්ට අහිතකර යැයි චීන කොමියුනිස්ට් පක්ෂය පවසන දෑ සම්බන්ධයෙන්ම ක්‍රියා කිරීමට චීනය ක්‍රියා කරන බව මෙම නව නීති මඟින් ද මනාව පිළිබිඹු වේ.

චීනයේ සයිබර් අවකාශ පරිපාලන ඒකකය පසුගිය සතියේදී ජනප්‍රිය පුද්ගලයින් ශ්‍රේණිගත කිරීම තහනම් කළ අතර තරුණ තරුණියන් විසින් ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ සෙවීම මර්දනය කිරීමද ආරම්භ කරන ලදි.

දරුවන්ගේ නිදහස් මනසට එරෙහිව රජයෙන් නීති සම්පාදනය පිළිබඳව ජාත්‍යන්තර දෝශාරෝපණ එල්ලවෙමින් පවතියි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...