කයිබර්පක්තුන්කවාහි ඇෆ්ගනිස්තාන දේශසීමාව ආශ්රිත ප්‍රදේශයකදී පකිස්තාන හමුදාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී පකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානයට ඇතුළුවීමට උත්සහ දැරූ ත්රස්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
පසුගිය සතියේද උතුරු වසිරිස්තානය ප්‍රදේශය ආශ්‍රිතව පකිස්තාන හමුදා ඉලක්ක කරගෙන සිදුවූ මෙවැනි ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබිණ.