27.8 C
Colombo
Sunday, May 18, 2025

තොරතුරු කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

- Advertisement -

මීරිගම-කුරුණෑගල මධ්‍යම අධිවේගයෙන් විපතට පත්වූ පවුල් 138ක තොරතුරු ඉල්ලීම්වලට අදාල අභියාචනා 138ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් තොරතුරු කොමිසම විසින් තොරතුරු පනත සහ ඒ යටතේ ගැසට් කර ඇති රීති උල්ලංඝනය කර ඇති බව පවසමින් අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා.

එම පවුල් 138 වෙනුවෙන් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම් සාමාජික තරිඳු ජයවර්ධන මෙම පෙත්සම් ඉදිරිපත් කර ගොනු කර තිබුණා.

තොරතුරු කොමිසමේ තීන්දුව ඉවත දමමින් අදාළ තොරතුරු ලබා දෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කරන ලෙස එම අභියාචනා පෙත්සම් මඟින් ඉල්ලීම් කර තිබෙනවා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂක තරිඳු ජයවර්ධන වෙනුවෙන් මානව හිමිකම් නීති චේම්බරය විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති අතර එක් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමඟ  නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාත් තවත් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සමග නීතිඥ සුරෙන් ඩී පෙරේරා මහතාත් පෙනී සිටීමට නියමිතයි.

මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සභාපති උපාලි අබේරත්න ප්‍රමුඛ කොමසාරිස්වරුන් විසින් දෙන ලද තීන්දුවකට එරෙහිවයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම අලුතෙන් රීති සකස් කරන්නේ නම් එය ක්‍රියාත්මක විය යුත්තේ ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළකිරීමෙන් පසුව බවත්, එසේ තිබියදී මෙම අභියාචානවලට අදාල රීති වෙනස් කරමින් ප්‍රතිචාර දැක්විය යුතු පෝරම සංශෝධනය කරමින් කොමිසම කටයුතු කර ඇති බවත්, අභියාචනා රීති සංග්‍රහයේ 18, 19 ඇතුළු රීති ගණනාවක් මෙන්ම පනතේ ප්‍රතිපාදනද තොරතුරු කොමිසම උල්ලංඝනය කර ඇති බවත් එම පෙත්සම්වල සඳහන් වෙනවා.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අභියාචනයක් යොමු කර මාසයක් ඇතුළත තීන්දුව ලබා දිය යුතු තොරතුරු කොමිසම හදිසි ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ මෙම තොරතුරු ඉල්ලීම්වලට අදාල අභියාචනා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබා දී ඇත්තේ  කොමිසමට අභියාචනා කර මාස 09කට පසු බව ද එහි සඳහන් කර තිබෙනවා.

එසේම කොමිසම අභියාචනාවලට අදාළව ලිඛිත දේශන ලබාදෙන ලෙස ඉල්ලමින් නිකුත් කළ සිතාසිය ගැසට් පත්‍රයේ පල කළ රීති උල්ලංඝනය කරමින් එම රීතිවල සඳහන් කරුණු ඉවත් කර සංශෝධනයට ලක් කරමින් ,සකස් කළ සිතාසියක් බවද, කොමිසම අභියාචනා විභාග කිරීමට මුලින් තීන්දු කර පසුව රීති උල්ලංඝනය කරමින් අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇති බවද එම පෙත්සම්වලින් වැඩිදුරටත් පෙන්වා දෙනවා,

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

POPULAR ARTICLES