26.4 C
Colombo
Thursday, March 28, 2024

සතොසෙ මාස්ක් එකකින් රු. 2ක් ඇමති බන්දුලගේ අරමුදලකට; අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

- Advertisement -

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් නැනෝ AV 99 මුව ආවරණ ලබාගැනීමේදී ‘ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල’ එක් මුව ආවරණයකින් රුපියල් 2 ක් ලබාගෙන ඇති බව පවසමින් ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (13) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සතොස හරහා මෙම මුව ආවරණ අලෙවි කර ඇති බවත් රුපියල් දෙකක මුදලක් ශිෂ්‍යත්ව අරමුදලට ලබාදීම නිසාවෙන් ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලකට මෙම භාණ්ඩය මිලදී ගෙන ඇති බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

ඔහු පවසන්නේ මේ නිසා දැනට ශිෂ්‍යත්ව අරමුදලට අයකරගෙන තිබෙන මුදල් රජයේ අරමුදලකට ලබාගෙන එම අරමුදල හරහා ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ ආකාරයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී අරමුදලකට මුදල් ලබාගැනීම නරක ආදර්ශයක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කල යුතු බව රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...