රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා.
‘මව්බිම’ වාර්තා කළේ එමගින් රාජ්‍ය මූල්‍ය කටයුතු සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කර ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනය කළ බවයි.
එමෙන්ම, වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් මෙන්ම ගිවිසුම්, (වාර්ෂික සහ කාර්ය සාධන වාර්තා ඇතුළුව) තම විෂය පථය යටතේ ඇති ආයතන සම්බන්ධයෙන් වාර්තා හෝ පාර්ලිමේන්තුව, වෙනත් කමිටුවක් හෝ යම්කිසි අමාත්‍යවරයෙකු විසින් තම නිලලත් විෂයය සහ කාර්යය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑ ම කාරණාවක් සමාලෝචනය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවලට බලය ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ සඳහන් වූ වැඩිදුර කරුණු පහතින්,
“කෙසේ වුව ද වසර 2020දී අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වන කාලසීමාවේදී ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම් පවත්වා ඇත්තේ අවම සංඛ්‍යාවක් වන අතර, ඊට සාපේක්ෂව අර්බුදයෙන් පසු කාලසීමාව තුළ පවත්වා ඇති ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම් සංඛ්‍යාවෙහි සැලකිය යුතු ඉහළ යාම හමුවේ ඵලදායී පාර්ලිමේන්තු අධීක්ෂණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත් වී තිබේ.
මීට අමතරව, පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල ප්‍රතිපත්ති ප්‍රකාශනවල දැක්වෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ස්වාධීන හා නිර්පාක්ෂික පිරිවැය විශ්ලේෂණ සිදු කරන අතරතුර, ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන වාර්තා හා යෝජනා ඇගයීම හා ඒ පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අය-වැය කාර්යාල පනත මගින් පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් ස්ථාපනය කිරීමට ප්‍රතිපාදන සලසා ඇති අතර, එය වඩා ත් විනිවිදභාවයෙන් යුතු හා නිසි වටිනාකමක් ලබා දෙන රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා මග පාදනු ඇත.”