26.1 C
Colombo
Monday, June 16, 2025

රැළිවලට සෙනඟ අදින්න බස්වලට කෝටි 200ක් වැය කරලා

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් ලබා ඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු හෙට දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බව ඔහු පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, ප්‍රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේ දී වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවයි.

ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බව මෙහිදී ඔහු අනාවරණය කළා.

මේ අතර, මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම මැතිවරණය හේතුවෙන් මහජනතාවට ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට 20 වන දින බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කර බවත් දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවන බවත් සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු...

POPULAR ARTICLES

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර්...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...