කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක්, කොරියාවට පිටත් කර යැවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී මහතා සමඟ, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සාකච්ඡාවක් පවත්වන ලදි.
එහිදී, මේ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකගවූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති 5800 දෙනාම කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික විය.
ඒ අනුව, ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිත වනවා.

