චීනයෙන් ලක් වැසියන්ට සහල් ටොන් 2000ක පරිත්‍යාගයක්..!

චීන රජය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 2000ක පරිත්‍යාගයක් සිදුකොට තිබෙනවා. වත්මන් අර්බුදකාරී තත්වය සලකා සහෝදරත්වයෙන් මෙම පරිත්‍යාගය කළ බවයි මෙරට චීන තානාපති කාර්‍යාලය නිවේදනය කර සිටින්නේ. හැකි පමණින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය දායක වන බවත් එම නිවේදනයේ සඳහන්.