27.5 C
Colombo
Wednesday, October 4, 2023

2020 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා බුද්ධි, නිවේදිකාව චවිකා

- Advertisement -

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගැනීමට හිරු ටීවී නාලිකාව වෙනුවෙන් බුද්ධි ධනුක අබේසිංහ සමත් වුණා.

එමෙන්ම විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මෙවර හිමිවුණේ ස්වර්ණවාහිනී නාළිකාව වෙනුවෙන් චවිකා ගුණසේකර හටයි.

2020 වසරේ විශිෂ්ටතම දමිළ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය වසන්තම් ටීවී නාළිකාව වෙනුවෙන් මුනියාන්ඩි කවීතා හට හිමිවූ අතර වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය TV1 නාළිකාව වෙනුවෙන් ජයමල් රත්නායක හිමිකර ගත්තා.

2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය මෙවර හිමිවුණේ හිරු ටීවී නාලිකාවේ විකාශය වන හිරු ප්‍රවෘත්ති වෙතයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙල නොපැවැත්වීම නිසා මෙවර 2020 හා 2021 යන දෙවසරටම අදාළව සම්මාන ලබාදීම සිදුකෙරුණා.


RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...