29 C
Colombo
Friday, March 29, 2024

2021 වසරේ හොඳම නිළිය චම්පා, හොඳම නළුවා තුසිත

- Advertisement -

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය චම්පා ශ්‍රියානි මහත්මිය හට හිමිවුණා.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙහි සිරියාවතීගේ චරිතය වෙනුවෙන්.

එමෙන්ම එම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය තුසිත ලක්නාත් හට හිමිවුණා.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙහි ලීලරත්නගේ චරිතය වෙනුවෙන්.

2021 වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ලෙසද ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍ය සම්මාන හිමිකරගත්තා.

එම වසරේ විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධන මහතා හිමිකරගත්තා.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍ය වෙනුවෙන්.

2021 වසරේ නැගී එන නළුවා සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘Pork වීදිය’ ටෙලිනාට්‍යයේ ‘දේව්’ ගේ චරිතය රඟපෑ සංගීත් ප්‍රභූ හට හිමිවුණා.

එමෙන්ම එම වසරේ නැගී එන නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘Pork වීදිය’ ටෙලිනාට්‍යයේ ‘මන්දාකිණී’ ගේ චරිතය රඟපෑ ශෂී ඇන්ජලීනා හිමිකර ගැනීමට සමත් වුණා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙල නොපැවැත්වීම නිසා මෙවර 2020 හා 2021 යන දෙවසරටම අදාළව සම්මාන ලබාදීම සිදුකෙරුණා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...