25 C
Colombo
Wednesday, September 27, 2023

2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේට

- Advertisement -

ශ්‍රී  ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ 2023 ස්වර්ණ  පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ-7 බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත්‍රණ  ශාලාවේදී ඊයේ (8) පස්වරුවේ  පැවැත්වුණා.

එහිදී 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත  නවකතාවට හිමි ස්වර්ණ  සම්මානය   නෝබට් අයගමගේ, කුර හඬෙකි වියැකෙන කෘතියට හිමි වුණා.

මෙහිදී  ස්වර්ණ  සම්මානය සහ මුදලින් රුපියල්  ලක්ෂ අටහමාරක මුදල් තිළිණය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය  ප්‍රණිත් අභය සුන්දර  මහතා විසින් කතුවරයා  වෙත පිරිනමා තිබෙනවා.

එරික් ඉලයප්ආරච්චිගේ ‘පහනක අඳුර’ පි.බී.ජයසේකරගේ ‘උසාවි ගිය නෙරුඩා නොහොත් කාම ඝෝර කවියා’, සුරත් ද මැල්ගේ DUO’, මංජුල වෙඩිවර්ධනගේ ‘මුන්නක්කරේ සංසාරේ’ යන කෘති  මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...