24 C
Colombo
Sunday, February 16, 2025

2024 ගුවන් මගීන්ගේ පැමිණීම් හා පිටවීම්වල වේගවත් වර්ධනයක්

- Advertisement -

2024 වසරේදී මෙරට ගුවන් තොටුපොළ හරහා මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වාර්තා කරනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA), යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ (JIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ඇතුළු රටේ ගුවන්තොටුපළවල් මෙම ගණනය කිරීම්වලට අයත් වෙනවා.

ඒ අනුව, 2024 වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම් හා පිටවීම් වාර ගණන මිලියන 8.88 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සමාගමේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසුවේ, එය 2023 වසරට සාපේක්ෂව 17.69% ක වර්ධනයක් බවයි.

පසුගිය වසරෙදී ගුවන් යානාවල පැමිණීම හා පිටවීම 56.289 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 20.69% ක් වන බවද ආචාර්ය සුමිත් ද සිල්වා මහතා සඳහන් කළා.

එමෙන්ම,  භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192.498 ක් වන බවත් එය 2023 වසරට සාපේක්ෂව 21.13% ක වර්ධනයක් බව ද ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES