28 C
Colombo
Thursday, January 16, 2025

වසරේ ගත වූ කාලය තුළ 554ක් නාවික හමුදා අත්අඩංගුවට

- Advertisement -

මේ වසරේ ගත වූ කාලසිමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, මෙරට මුහුදු සීමාව තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වල දී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 72ක් ද සිය භාරයට ගෙන ඇති බව  නාවික හමුදාව පැවසුවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු මන්නාරමට උතුරින් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදි ඔවුන් පැමිණි යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

POPULAR ARTICLES