23 C
Colombo
Friday, February 14, 2025

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

- Advertisement -

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් ඔහු අවධාරණය කර ඇත්තේ, 2025 වසර ආරම්භයත් සමඟ ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වීම බරපතල තත්ත්වයක් බවයි.

මෙම වෙඩි තැබීම වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස්, තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති වාතාවරණයක රටේ සිවිල් පුරවැසියන්ට නිදහසේ තම දෛනික කටයුතු කරගෙන යාමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බව විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා තිබෙනවා.

මෙම පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කරන ලෙසත්, විදේගතව සිටිමින් මේවා මෙහෙය වන පිරිස් නීතිය හමුවට ගෙන ඒමටත් කටයුතු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ විපක්ෂයට නායකත්වය දෙන පුද්ගලයා ලෙස තමා මෙන්ම,  විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව අවධාරණය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES