ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල වශයෙන් නිවේදනය කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතන 21 සම්බන්ධයෙන් විමර්ශනයක් කළ බවත් ඉන් අනතුරුව මෙසේ ප්‍රසිද්ධ කළ බවත් සඳහන් කරනවා.
එම ආයතන 21න් පස්වැනි ආයතනයේ නම ප්‍රසිද්ධ කිරීම අධිකරණය අත්හිටුවා ඇති බැවින් එය ප්‍රසිද්ධ කර නොමැති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.
පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කලේ යැයි මහා බැංකුව ප්‍රසිද්ධ කර ආයතන ලැයිස්තුව,
- ටීන්ස් ලංකා හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ්
- බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
- මාක් – වො ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
- වී. එම්. එල්. ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
- පස්වැනි ආයතනය ප්‍රසිද්ධ කර නොමැත
- පාස්ට් 3 සයිකල් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
- ස්ටපා්ට් චේන් ඇප්, ස්පෝට් චේන් ඉසෙඩ්.එස්. සොසයිටි ශ්‍රී ලංකා
- ඔන්මැක්ස් ඩීටී
- එම්.ටී.එෆ්.ඊ. ඇප්, එම්.ටී.එෆ්.ඊ. එස්.එල් ගෘප්, එම්.ටී.එෆ්.ඊ. සක්සස් ලංකා, එම්.ටී.එෆ්.ඊ. ඩී.එස්.සී.සී. ගෘප්
- පාස්ට්වින් ප්‍රයිවට් ලිමිටඩ්
- ෆෘයුගෝ ඔන්ලයින් ඇප්/ ෆෘයුගෝ ඔන්ලයින් ප්‍රයිවට් ලිමිටඩ්
- රයිඩ් ටු ත්‍රී ෆීඩම් ප්‍රයිවට් ලිමිටඩ්
- කිව්නෙට්
- එරා මිරකල් ප්‍රයිවට් ලිමිටඩ් ඇන්ඩ් ගිනේසිස් බිස්නස් ස්කූල්
- ලෙජ බ්ලොක්
- ඉසිමාගා ප්‍රයිවට් ලිමිටඩ්
- බීකොයින් ඇප් ඇන්ඩ් සන්බර්ඩ් ෆවුන්ඩේෂන්
- වින්ඩෙක්ස් ට්‍රේඩින්
- ද එන්රිච් ලයිෆ් ප්‍රයිවට් ලිමිටඩ්
- ස්මාට් වින් එන්ටප්‍රනියර් ප්‍රයිවට් ලිමිටඩ්
- නෙට් ෆෙවර් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්/නෙට්රික්ස්