තමන් බලාපොරොත්තු වූ දෙය නොවුණත් තරමක් හෝ සාධනීය දේවල් ඇතිනම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන්නේ ‘ද්විත්ව රටවැසියා’ නිසා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඒ, පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
මේ වන විට පවතින අර්බුදකාරී අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය සතියකට දෙතුන් වතාවක් රැස්කළ යුතු බවත් අර්බුදකාරී තත්ත්වය යටතේ විදේශ විනිමය පනත යටතේ සිදුකළ යුතු සංශෝධන පවා තවමත් සිදුකර නොමැති බව විමල් වීරවංශ පවසනවා.
මේ අතර, රට මුදාගැනීමට ඇති බාධාව රාජපක්ෂ පවුල පාලනයේ සිටීම බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
රට මේ තත්ත්වයට පත්විමට හේතුව වි ඇත්තේ පසුගිය වසර දෙක හමාරක කාලය තුල ජනාධිපතිවරයා හා රජය ගත් ගත් අදූරදර්ශි තීන්දු තීරණ බවයි කාදිනල්වරයා පවසන්නේ.
රාජපක්ෂවරුන් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත භාරදීමෙන් අනතුරුව ර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ප්‍රශ්නවලට විසඳම් දී මැතිවරණයකට යා යුතු බවත් ඔහු පවසනවා.