32 C
Colombo
Sunday, March 16, 2025

ඇෆ්ගනිස්ථානයේ යළි ගැටුම්- තලේබාන් සාමාජිකයන් 22 දෙනෙකු මරුට

- Advertisement -

ඇෆ්ගනිස්ථාන ජාතික ප්‍රතිරෝධී පෙරමුණ සමඟ ඇති වූ සටන්වලදී තලේබාන් සටන්කාමීන් 22 දෙනෙකු මිය ගිය බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ ප්‍රකාශකයෙකු වන සෙබ්ගතුල්ලා අහමදි පවසයි.

කෙසේවෙතත්, පන්ජ්ෂිර්හි නිම්නයේ ප්‍රාදේශීය තලේබාන් නායකයින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සටන්වලදී තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවයි.

දාරා දිස්ත්‍රික්කයේ සතුරු ප්‍රහාර වර්ධනය වී ඇති නමුත් තලේබාන් හමුදාවන්ට එල්ල වූ කුඩා පරිමාණ ප්‍රහාර නිසා වාහන තුනක් විනාශ වී සාමාජිකයින් තිදෙනෙකුට තුවාල සිදු වූ බව පන්ජ්ෂිර් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අබු බකර් සිද්දිකි පැවසීය.

එහෙත් සෙබ්ගතුල්ලා පැවසූයේ තලේබාන්වරුන් හය දෙනෙකු අල්ලා ගත් බවත් තලේබාන් යුද ටැංකි හතක් මුළුමනින්ම විනාශ කළ බවයි.

මේ අතර පන්ජ්ෂිර් පළාතේ ආරංචි මාර්ග උපුටා දක්වමින් , හමුදා හෙලිකොප්ටර් දෙකක් මගින් තලෙයිබාන් මළ සිරුරු සියල්ල ඉවත් කර තුවාල ලැබූවන් කාබුල් වෙත ගෙන ගිය බව සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES