29 C
Colombo
Thursday, July 17, 2025

වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් 2,243ක් මරුට

- Advertisement -

රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසනවා.

ඒ, මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වායි.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව, 22 967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141ක්.

එය සමස්ත රිය අනතුරුවලින් 9%ක ප්‍රතිශතයක්.

පොලීසිය සඳහන් කළේ, බරපතල ගණයේ අනතුරු 6,500 ක් ද වාර්තාවී ඇති බවයි.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති සුළු අනතුරු සංඛ්‍යාව, 9127 ක්.

මේ අතර ඊයේ (21) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගියේ, හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන්.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව, 46 ක්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව පිවිසුම් අතර සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා.

වෑන් රථයක්, ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබුවා.

තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලැබුවේ, කඩුගන්නාවේදී බස් රථයක් ගසක ගැටීමෙන්.

උත්සව සමයේ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත...