32 C
Colombo
Friday, March 31, 2023

225ම එකයි කියලා කියන්න එපා..! – සජිත්

- Advertisement -

ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, ජාතික සභාවට එන ප්‍රගතිශීලී  යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුව අමතමින්.

බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ගොඩනඟන බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.

ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින් හිටපු අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ගෙදර යැවීමට කටයුතු කළත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. 

විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බව නව ජනාධිපතිවරයා පත් වූ දාට පසු දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළ බවත් ඔහු සඳහන් කරනවා.

සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් එසේ නොමැතිව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමති අන් තට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවද විපක්ෂනායකවරයා අවධාරණය කරනවා. 

225 ම එකයි යන ප්‍රකාශය නිවැරදි නොවන බවත් එය 134එකයි යන්න නිවැරැදි විය යුතු බවත් හෙතෙම පවසනවා.

පැවතියේ ජනාධිපතිවරණයක් නොවන බැවින් ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත යැයිද විපක්ෂ නායකවරයා පවසනවා.

මහ පොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත් පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵල වලින් පැහැදිලි වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...