ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සහභාගී වීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 23 ක් අද මෙරටට පැමිණියා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාර්තු 03 සිට 05 දක්වා කොළඹ ගාළු මුවදොර පිටියේදී මහා පරිමාණයෙන් පියාසර අතීතය එළිදැක්වීමක් සහ ගුවන් සංදර්ශනයක් සංවිධානය කර තිබෙනවා.
එම උත්සවයට සහභාගීවීම සදහා එක්වන ගුවන්යානා කිහිපයක් අද මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.









