2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.
පසුගියදා (03) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළා.
ඔහු පවසන්නේ 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවයි.
එමෙන්ම, සැකකරුවන් ආයුධ සොයා ගැනීමට රහසිගත ස්ථානවලට රැගෙන යන විට මෙන්ම පොලිස් වෙඩි තැබීම්වලින් මියයෑම් නිතර වාර්තා වන බවත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට ආරක්ෂාව ලබාදීම පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීමක් බවත් කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මෙහිදී අවධාරණය කළා.
2023 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි 9714ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 44ක්ම යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ අත්අඩංගුවට ගැනීම් බවද මෙහිදී අනාවරණය කර තිබෙනවා.