ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එමෙන්ම රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට විශේෂ බස් රථ සේවාවක ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ඔහු කියා සිටියා.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී පසුගිය දා දැඩි ප්‍රමාදයක් සිදුවූ අතර මේ හේතුවෙන් දින ගණන් පොලිම් වල රැදී සිටීමට ජනතාවට සිදු වුණා.
එවන් පසුබිමක, දිනකට බලපත්‍ර 4,000ක් නිකුත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.