24 C
Colombo
Sunday, February 16, 2025

වාරි ව්‍යාපෘති 24ක් කොට උඩ

- Advertisement -

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රටපුරා වාරි ව්‍යාපෘති 24ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යානය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබූ වාරි ව්‍යාපෘති නවයක් නතරවීමෙන් කෝටි 19කට ආසන්න මුදලක්ද, වඩමාරච්චි කලපුවේ යාපනයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 200ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක්ද, නාස්ති වී ගොස් තිබෙනවා.

ඊට අමතරව, දලුල්ගල්ල වැව ඉදිකිරීමට අදාළ මූලික කටයුතු අතරමග නතර කිරීමෙන් ලක්ෂ තිස් එකකට වැඩි මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය සහ වාහල්කඩ ගොවි ව්‍යාපාරවල ඇළ පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි 3කට වැඩි මුදලක්ද මෙසේ නාස්ති වී ගොස් තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර, වගාබීන් සඳහා ජල සැපයුම් ඉදිකිරීමට හියුම් පයිප්ප 1245ක් ගොවිසංවිධාන වෙත නිකුත් කර තිබුණද එමගින් අපේක්ෂිත ජල සැපයුම් ඉදිකර නොතිබූ බව ජාතික විගණන කාර්යාල පවසනවා.

එම පයිප්පවලින් හියුම් පයිප්ප 1166ක් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිකරුණේ දමා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරනවා.

පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකිරීම මහයාව පිටවාන වැඩිදියුණු කිරීම, මල් අතු ඔය පිටවාන ඉදිකිරීම පාන් කුලම ජලාශයේ පිට වාන ඉදිකිරීම ඇල්ල වැව පිටවාන ඉදිකිරීම, කුඩා විලච්චිය පිටවාන ඉදිකිරීම ඇතුළු වාරි ව්‍යාපෘති 13 ක ඉදිකිරීම් පසුගිය වසරේ මැයි මස 31 ආරම්භ කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව එම ව්‍යාපෘති වෙනුවෙන් දරනු ලැබූ වියදම පිළිබඳව ලිපිගොනු පවත්වාගෙන ගොස් නොතිබුණු බව වාර්තාව සඳහන් කළා.

යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ව්‍යාපෘතිය අතරමග නතර වී තිබුණේ 2021 වසරේදී‍යි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES