නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ, වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි.
පිටුවහල් කෙරෙන පිරිස අතරට ශ්‍රී ලාංකිකයන් 25 දෙනාට අමතරව බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු වන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, අදාළ විදේශිකයන් පිරිස පිටුවහල් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වනවා.