25 C
Colombo
Friday, January 17, 2025

බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට

- Advertisement -

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදීයි මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊට අමතරව ගත වූ පැය 24 ට කිසිදු රිය අනතුරක් සිදුව නොතිබුණු අතර මාර්ග නීති කඩ කිරීම් ඇතුළු අනෙකුත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8496 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

උත්සව සමයේ ඔබගේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේද ජීවිත ආරක්ෂා කරමින් බීමතින් තොරව පරීක්ෂාකාව රිය ධාවනය කරන මෙන් ඉල්ලා සිටින බවද මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES