27.8 C
Colombo
Thursday, July 17, 2025

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

- Advertisement -

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) සවස කැකිරාව මහ වීදියේ පිහිටි හෝටලයක් තුළදීයි  මෙම පහරදීම සිදුව තිබෙන්නේ.

පොලීසිය පවසන්නේ, ආපන ශාලාවට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුලු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව තිබ්බටුවැව ප්‍රෙද්ශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය දා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට...

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

POPULAR ARTICLES