30 C
Colombo
Saturday, October 5, 2024

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

- Advertisement -

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් ගිනිතබා විනාශ කර එහි ආරක්ෂක නිළධාරියාට පහරදී තුවාල සිදුකර ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසනවා.

මෙම ගිනි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ගිනි තැබීම සිදුකල පුද්ගලයින් විසින් ආරක්ෂක නිලධාරියා ගසක බැද පහර දී පලාගොස් තිබෙනවා.

මෙලෙස ගිනි තබා ඇත්තේ එම ගල් වැඩපලට අයත් එක්ස්කැවේටර් යන්ත්‍ර 02ක් හා ගල් විඳීම සදහා යොදා ගන්නා ලද යන්ත්‍රයක් බව මැදිරිගිරිය පොලීසිය පවසනවා.

ගිනි තැබීමෙන් යන්ත්‍රෝපකරණ වලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ තත්වය තරමක් අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශයකයකු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...